
අවම වැටුප් ලබන ඔස්ට්‍රේලියානු සේවකයන්ගේ වැටුප් පරතරය අවම කිරීම සඳහා විශේෂ වැටුප් වර්ධකයක් ලබාදීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.
පසුගිය ෆෙඩරල් මැතිවරණ සමයේදී ලේබර් පක්ෂය ලබාදුන් පොරොන්දුවක් අනුවයි මහජන සේවා කොමිසම විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ.
එකම කාර්යාලය තුළ සමාන රැකියාවල නියුතු ඇතැමුන් අතර ඩොලර් දහස් ගණනක වැටුප් පරතරයක් පවතින බවටයි හඳුනාගෙන ඇත්තේ.

විශේෂයෙන් ඇබොරිජින් වැනි ස්වදේශික ජනතාව මෙම ගැටලුවට වැඩි වශයෙන් මුහුණ දෙන බවටද තහවුරු කරගෙන තිබෙනවා.
එක් එක් රැකියා මට්ටම සඳහා වෙන වෙනම වැටුප් තල සකස් කිරීමද මහජන සේවා කොමිසම ඉදිරිපත් කර ඇති යෝජනාවට ඇතුළත්.
