ඔස්ට්‍රේලියානු ව්‍යාපාරවලින් 40% ක් මෙම වසරේදී රැකියා කප්පාදුවල

ඔස්ට්‍රේලියානු ව්‍යාපාරවලින් 40% කට ආසන්න ප්‍රමාණයක් මෙම වසරේදී රැකියා කප්පාදු කිරීමට අපේක්ෂා කරන බව ප්‍රකාශයට පත්කර තිබෙනවා.

එමෙන්ම ව්‍යාපාර අතුරින් 47% ක් සැලකිය යුතු වැටුප් වැඩි කිරීමක් නොකරනු ඇති බවයි සමීක්ෂණයකදී හෙළිවී ඇත්තේ.

ඉහළ යන උද්ධමනය හමුවේ මෙම තීරණය ගැනීමට අදාළ ව්‍යාපාරවලට සිදුවී ඇති බව ද සඳහන්.

ඇතැම් සේවකයින්ට ඔවුන්ගේ කාර්ය සාධනය මත පමණක් වැටුප් වැඩිවීම් ලබා දෙන බව ව්‍යාපාර අතුරින් 33% ක් පවසා තිබෙනවා.

වැටුප් වැඩිකිරීම් වෙනුවට ඔස්ට්‍රේලියානු සමාගම් තම කාර්ය මණ්ඩලය රඳවා ගැනීමට නම්‍යශීලී රාජකාරී ක්‍රම අනුගමනය කිරීමට සැරසෙන බවයි මෙහිදී තවදුරටත් අනාවරණය වී ඇත්තේ.

ඒ අනුව 16% ක් පමණ තම කාර්ය මණ්ඩලයට විදේශයන්හි සේවය කිරීමට ඉඩ දීමටද තීරණය කර තිබෙනවා.

CREDIT – SBS

වසරේ අවසාන සංචිත බැංකු මණ්ඩල හමුව අද – Cash rate අගයෙහි වෙනසක් නොවන ළකුණු

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ව්‍යාපාරවලින් සියයට 61 ක් පසුගිය උත්සව සමයේ ලැබූ වෙළදාමට සාපේක්ෂව සියයට 11 කින් පහත වැටි ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »