Air New Zealand ගුවන් මගීන්ගේ බර මනින්න යයි

ගුවන් යානයට ගොඩවීමට පෙර තෝරාගන්නා ගුවන් මගීන් පිරිසකගේ බර මැනීමට නවසීලන්තයේ ජාතික ගුවන් සේවය වන Air New Zealand තීරණය කර තිබෙනවා.

ඒ සෑම වසර 05 කටම වරක් සිදුකෙරෙන සමීක්ෂණයක් සඳහායි.

මේ අනුව ගුවන් මගීන්ගේ සාමාන්‍ය බර තක්සේරුවක් ලබාගැනීමට හැකිවනු ඇති බවයි Air New Zealand පෙන්වා දෙන්නේ.

ඉදිරි සති 05 තුළදි සිදුකෙරෙන මෙම සමීක්ෂණය සඳහා ගුවන් මගීන් 10,000 කට ආසන්න පිරිසක් සහභාගී කරගැනීමට නියමිතයි.

මෙම තොරතුරු කිසිදු ආකාරයකින් 03 වන පාර්ශවයකට නොදෙන බවටද Air New Zealand අවධාරණය කරනවා.

සිඩ්නි පිහි ඇනුමෙන් බලපෑමට ලක්වූවන්ට රජයෙන් සහන පැකේජයක්

බොන්ඩායි ජන්ෂන් හි වෙස්ට්ෆීල්ඩ් වෙළඳ සංකීර්ණයේ ඛේදවාචකයෙන් බලපෑමට ලක් වූ කම්කරුවන් සහ ව්‍යාපාර සඳහා නිව් සවුත්වේල්ස් ප්‍රාන්ත රජය ආධාරක පැකේජයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »