
නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත දේශපාලනඥයන්ට සහ ඉහළ පරිපාලන නිළධාරීන්ට වසර 02 ක් යනතුරු වැටුප් වැඩිවීමක් නොදීමට ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
මීට අදාළ යෝජනාව ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර එය සම්මත වුවහොත් ලබන ජූලි 01 වනදා සිට බලාත්මක වනු ඇති.
මෙම යෝජනාව හරහා ඩොලර් මිලියන 260 ක මුදලක් ඉතිරි කරගැනීමට නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය අපේක්ෂා කරනවා.

එම මුදල් ප්‍රාන්තයේ පාසල් සහ රෝහල්වල සංවර්ධන කටයුතු වෙනුවෙන් යෙදවීමටයි සැළසුම් කර ඇත්තේ.
මීට අමතරව පැවති ලිබරල් රජය විසින් මැතිවරණය ආසන්නයේදී රාජ්‍ය සේවකයන්ට ලබාදුන් සියයට 03 ක වැටුප් වැඩිවීම කපා හැරීම කෙරෙහිද වත්මන් ලේබර් පක්ෂ රජයේ අවධානය යොමුවී තිබෙනවා.

වසරකට නිවු සවුත් වේල්ස් ඉහළ නිලධාරීන් සහ රාජ්‍ය සේවකයන් සඳහා ගෙවීමට සිදුවන සමස්ත වැටුප් ප්‍රමාණය ඩොලර් බිලියන 48 කට ආසන්නයි.