ක්‍රවුන් කැසිනෝ තවත් $ මිලියන 450 ක වන්දියක් ගෙවන්න යයි

මුදල් විශුද්ධිකරණ චෝදනාවලට අදාළව ඩොලර් මිලියන 450 ක වන්දි මුදලක් ගෙවීමට ක්‍රවුන් කැසිනෝ ආයතනය තීරණය කර තිබෙනවා.

මෙල්බන් සහ පර්ත් නගරවල පිහිටා ඇති කැසිනෝ මධ්‍යස්ථානවල සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකල විමර්ශනයට අනුවයි මෙම මුදල ගෙවීමට ඔවුන් එකග වී ඇත්තේ.

මුදල් විශුද්ධිකරණය වළක්වාලීමට මෙන්ම විවිධ අයථා ක්‍රියා සඳහා මුදල් ගලා යාම වැළැක්වීමට තමන් විසින් නිසි පියවර අනුගමනය කර නොමැති බවද ක්‍රවුන් කැසිනෝ විසින් පිළිගෙන තිබෙනවා.

කෙසේවෙතත් මෙම එකගතාවය සඳහා ලබන ජූලි 10 සහ 11 දිනවලදී රැස්වන ෆෙඩරල් අධිකරණය විසින් අනුමැතිය ලබාදිය යුතුයි.

ගතවූ වසරක කාලය තුළදී ක්‍රවුන් කැසිනෝ ආයතනයට අවස්ථා 03 කදී ඩොලර් මිලියන 230 ක දඩ පණවා තිබුණේ විවිධ මුදල් අක්‍රමිකතා හේතුවෙනුයි.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »