
විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට නව විදේශ ගමන් බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට හෝ විදේශ ගමන් බලපත්‍රය අලූත් කිරීමට ලබන පළමුවනදා සිට අන්තර්ජාලය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව සළසා තිබෙනවා.
ඒ අනුව විදේශගත ශ්‍රී ලාංකිකයන්ට අදාළ රටවල ශ්‍රී ලංකා තානාපති කාර්යාල – මහ කොමසාරිස් කාර්යාල හෝ කොන්සල් කාර්යාල වෙත නොපැමිණ අන්තර්ජාලය හරහා ගමන් බලපත්‍ර සඳහා ඉල්ලූම් කළ හැකි වනු ඇති.
පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා වී ඇති බව සඳහන්.

අන්තර්ජාලය හරහා වීසා අයදුම් කිරීමේදී දක්නට ලැබෙන අඩුපාඩු ඇතුළු විවිධ කරුණු ද පිළිබඳවද එහිදී අවධානය යොමු කර තිබෙනවා.
විදේශිකයන්ට අපහසුවකින් තොරව සිය වීසා ලබා ගැනීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණයක් කඩිනමින් සකස් කර ක්‍රියාත්මක කරන ලෙසයි ඒ අනුව උපදෙස් දී ඇත්තේ.

දේශීය මෙන්ම විදේශිකයන් සඳහා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපළවල්වල පහසුකම් තවදුරටත් වැඩි දියුණු කිරීමට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.