Big W ද ප්ලාස්ටික් බෑග් භාවිතයෙන් ඉවතට

ප්ලාස්ටික් බෑග් භාවිතයෙන් ඉවත් කිරීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළඳ සැල් ජාලයක් වන Big W ද තීරණය කර තිබෙනවා.

ඒ අනුව සත 15 සහ 45 වටිනාකමැති ප්ලාස්ටික් බෑග් භාවිතය ක්‍රමක්‍රමයෙන් අවම කෙරෙන අතර ඒ වෙනුවට දිරාපත් වන කඩදාසි බෑග් හඳුන්වාදීමට නියමිතයි.

සිය පාරිභෝගිකයන් විශාල පිරිසක් භාණ්ඩ රැගෙනයාම සඳහා ඔවුන්ගේම බෑග රැගෙන ඒමේ ප්‍රවණතාවයක් මේ වනවිට දක්නට ලැබෙන බවද Big W සඳහන් කරනවා.

ප්ලාස්ටික් බෑග් භාවිතය නතර කිරීම හරහා වසරකට පරිසරයට ප්ලාස්ටික් ටොන් 480 ක් එකතුවීම වළක්වාලීමට අපේක්ෂිතයි.

ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම සුපිරි වෙළඳසැල් ජාල 02 වන Coles සහ Woolworths විසින්ද දැනටමත් දිරාපත් නොවන ප්ලාස්ටික් බෑග් භාවිතය අවම කරමිනුයි පවතින්නේ.

ලොව පළමු වරට මැතිවරණයකට AI අපේක්ෂකයෙක්

ලොව ප්‍රථමවරට කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව ගැන තීරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ලැබෙන අරමුදල් කප්පාදුවකට ප්‍රාන්ත රජය සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක ජෝන් පෙසුටෝ (John Pesutto) පවසනවා.

Read More »