ලක්ෂ 05 කට $ 500 ක් බැගින් බලශක්ති ගාස්තු සහනයක්

ඔස්ට්‍රේලියානු ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ලක්ෂ 05 කට පමණ බලපැවැත්වෙන පරිදි බලශක්ති ගාස්තු සහනයක් ලබාදීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා.

මේ අනුව රජයේ වරප්‍රසාද සෞඛ්‍ය කාඩ්පතක් හිමි ඕනෑම ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු සිටින පවුලකට ඩොලර් 500 ක් බැගින් වන ගාස්තු සහනයක් ලබාදීමට නියමිතයි.

ඩොලර් 90,000 ක උපරිම වාර්ෂික ආදායමක් ලබන තනි පුද්ගලයන් සහ ඩොලර් 144,000 ක උපරිම වාර්ෂික ආදායමක් ලබන යුවළ මෙම වරප්‍රසාදයට සුදුසුකම් ලබනවා.

2026-27 වසර වනවිට තවත් අමතර 52,000 කට පමණ මෙම සහනය අත්කරදීමයි ෆෙඩරල් රජයේ සැළසුම වන්නේ.

ලබන ජූලි පළමුවනදා සිට මෙම සහනය ලබාදීමට නියමිතව ඇත්තේ එදින සිට ඔස්ට්‍රේලියානු නිවාස ලක්ෂ 06 කට පමණ සියයට 20-25 ත් අතර අගයකින් විදුලි ගාස්තු ඉහළයාමට නියමිතවීම හේතුවෙනුයි.

ලොව පළමු වරට මැතිවරණයකට AI අපේක්ෂකයෙක්

ලොව ප්‍රථමවරට කෘතිම බුද්ධියෙන් නිර්මාණය කළ අපේක්ෂකයකු බ්‍රිතාන්‍යයේ මැතිවරණය සඳහා තරග කිරීමට ඉදිරිපත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ්හි ශත 50 පොදු ප්‍රවාහන ගාස්තුවට බාධකයක්

අමතර රාජ්‍ය අරමුදල් යෙදවීමක් නොමැති වීම හේතුවෙන් පොදු ප්‍රවාහනයට නියම කළ ශත 50 ගාස්තුව ගැටළුවක් වනු ඇති බව බ්‍රිස්බේන් නගර සභාව අනතුරු අඟවනවා.

Read More »

ඇඩිලේඩ්හි සාප්පු සංකීර්ණයක් වැසූ පොලිස් මෙහෙයුම ගැන සියල්ල හෙළිවෙයි

දකුණු ඇඩිලේඩ් හි වෙස්ට්ෆීල්ඩ් මේරියන් සාප්පු මධ්‍යස්ථානයේ (Marion Shopping Centre) සිදු වූ හදිසි පොලිස් මෙහෙයුම තරුණයන් පිරිසක් අතර ඇතිවූ ගැටුමක් බව පොලිසිය පවසනවා.

Read More »

ජනප්‍රිය සංචාරක ගමනාන්තයකට මෙල්බන් සිට නව ගුවන් සේවාවක්

Jetstar සමාගම විසින් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන ක්වීන්ස්ලන්ඩ්හි හර්වි බේ (Hervey Bay) දක්වා මෙල්බර්න් සිට නව ගුවන් සේවාවක් ආරම්භ කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව ගැන තීරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවාව වෙනුවෙන් ලැබෙන අරමුදල් කප්පාදුවකට ප්‍රාන්ත රජය සූදානම් වන බවට තොරතුරු ලැබී ඇතැයි විපක්ෂ නායක ජෝන් පෙසුටෝ (John Pesutto) පවසනවා.

Read More »