චෙන්නායි සුපර් කිංග්ස් 05 වන වරටත් IPL ශූරයන්

අවසන් මහා තරගයේදී ගුජරාට් කණ්ඩායමට එරෙහිව කඩුලු 5ක ජයක් හිමිකරගත් චෙන්නායි කණ්ඩායම මෙවර IPL තරගාවලියේ ශූරයන් බවට පත්විය.

ඒ අනුව චෙන්නායි කණ්ඩායම මෙලෙස IPL තරගාවලියක කිරුළ හිමිකරගන්නේ 5වන වතාවටය.

තරගයේ කාසියේ වාසිය දිනූ චෙන්නායි කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 214ක් රැස්කර ගැනීමට සමත්විය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ සායි සුධර්සන් ලකුණු 96ක් රැස්කර ගත්තේ පන්දු 58කදී හයේ පහර 6ක් සහ හතරේ පහර 8ක් සමගිනි.

ඔහුගේ ඉනිම නිමකළ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ අද තරගයේදී චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් ලබාගත් කඩුලු සංඛ්‍යාව 2කි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා චෙන්නායි කණ්ඩායම පිටියට පිවිසීමත් සමග  තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවිය.

ඒ අනුව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව චෙන්නායි කණ්ඩායමට පන්දුවාර 15කදී ලකුණු 171ක ඉලක්කයක් හිමිවිය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි පිතිකරුවෝ තියුණු තරගයකින් අනතුරුව පන්දුවාර 15 අවසානයේ ලකුණු 171 රැස්කරගෙන තරගයේ ජය හිමිකරගත්තේය.

එහිදී අවසන් පන්දුවාරයේදී චෙන්නායි කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 13ක් අවශ්‍යව තිබුණි.

චෙන්නායි සියලු බලාපොරොත්තු සිය කර මතට ගත් ජඩේජා අවසන් පන්දු ද්විත්වයට හයේ පහරක් සහ හතරේ පහරක් එල්ලකරමින් ඒ වනවිටත් ගුජරාට් සතුව තිබූ ජය කණපිට හැරවීමට සමත්විය.

$ මිලියන 86 ක රක්ෂණ වට්ටම් ලබා නොදීමට RACQ සමාගමට ඩොලර් මිලියන 10 ක දඩ

පාරිභෝගිකයින් හට ඩොලර් මිලියන 86ක රක්ෂණ වට්ටම් ලබා නොදීම හේතුවෙන් RACQ සමාගමට එරෙහිව ඩොලර් මිලියන 10ක දඩ නියම කිරීමට ෆෙඩරල් අධිකරණය නියෝග කර තිබෙනවා.

Read More »

ශෙමාරා වික්‍රමනායක යළිත් ඔස්ට්‍රේලියාව තුළ අංක 01 ට

ඔස්ට්‍රේලියාව තුළ ඉහළම වැටුපක් ලබන ප්‍රධාන විධායක නිළධාරී බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත ශෙමාරා වික්‍රමනායක නැවත වරක් තේරී පත්වී තිබෙනවා.

Read More »

මෙවර නිවාඩු සමයේ බ්‍රිස්බන් ගුවන් තොටුපළ හරහා යන මගීන්ගේ 20% ක වැඩිවීමක්

ඇතැම් පාසල් සඳහා නිවාඩු ලබාදීමත් සමග අද දිනයේදී බ්‍රිස්බන් ගුවන් තොටුපළ හරහා 55,000 කට ආසන්න පිරිසක් ගමන් කරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »