Search

ඔස්ට්‍රේලියා පුහුණු වෛද්‍යවරුන් 1/5 ක් ක්ෂේත්‍රය අතහැර යාමට කැමැත්තෙන්

ඔස්ට්‍රේලියාව තුළ පුහුණු වෛද්‍යවරුන් අතුරින් 1/5 ක් පමණ සෞඛ්‍ය ක්ෂේත්‍රය අතහැර යාමට කැමැත්තෙන් පසුවන බව නවතම සමීක්ෂණයකදී අනාවරණය වී තිබෙනවා.

අධික රාජකාරි සහ විවිධ පීඩාවන්ට ලක්වීම ඊට ප්‍රධාන හේතු ලෙසයි හඳුනාගෙන ඇත්තේ.

වෛද්‍යවරුන් 22,000 ක් පමණ යොදාගෙන මෙම සමීක්ෂණය සිදුකර තිබූ අතර එහිදී අනාවරණ වී ඇත්තේ සේවක හිගය හමුවේ 2021 වසරේ සිට පුහුණු වෛද්‍යවරුන්ට අධික රාජකාරි ප්‍රමාණයක් ඉටු කිරීමට සිදුවී ඇති බවයි.

සමීක්ෂණයට සහභාගීවූවන් අතුරින් 2/3 ක් පමණ සතියකට පැය 40 කට වඩා රාජකාරි කරන බවද – සියයට 10 ක් පමණ සතියකට පැය 60 කට වඩා සේවා කටයුතුවල නිරතවන බවද මෙහිදී අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම පසුගිය මාස 12 තුළදී කුමන හෝ හිංසනයකට – වාර්ගික ගැරහුමකට හෝ අපහාසයකට ලක්වූ පුහුණු වෛද්‍යවරුන් පිරිස සියයට 34 ක් පමණ වන බවටයි මෙහිදී හඳුනාගෙන ඇත්තේ.

ස්වදේශික ජනතාව සැළකීමේදී එම ප්‍රතිශතය සියයට 55 ක් වැනි ඉහළ අගයක් ගෙන තිබෙනවා.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »