බොන්සා ගුවන් ගමන් පුලුල් කරයි

සිය ගුවන් ගමන් පුලුල් කිරීමට ඔස්ට්‍රේලියාවේ නවතම අඩු පිරිවැය ගුවන් සේවය වන බොන්සා ගුවන් සේවය තීරණය කර තිබෙනවා.

ඒ අනුව තවත් ප්‍රාදේශීය ගමනාන්ත කිහිපයක් වෙත ගුවන් ගමන් ආරම්භ කිරීම කෙරෙහියි ඔවුන් අවධානය යොමු කර ඇත්තේ.

බොන්සා ගුවන් සේවය විසින් දැනට සන්ෂයින් කෝස්ට් සහ මෙල්බන් යන නගරවල සිය මෙහෙයුම් මූලස්ථාන පවත්වාගෙන යනු ලබනවා.

ඊට අමතරව 03 වන මූලස්ථානයක්ද පිහිටුවීම කෙරෙහියි බොන්සා පාලනාධිකාරියේ අවධානය යොමුවී ඇත්තේ.

කෙසේවෙතත් ගුවන් ගමන් ආරම්භ කර මාස 03 කට ආසන්න කාලයක් ගතවී ඇතත් බොන්සා ගුවන් සේවය විසින් සිය ඉලක්ක මෙතෙක් සපුරාගෙන නොමැති බවද ගුවන් ගමන් දත්ත වාර්තා පෙන්වා දෙනවා.