
කැනඩාව විසින් දැනට භාවිත කරන ආකාරයේ සරල සංක්‍රමණ නීති පද්ධතියක් ඉතාම නුදුරේදී ඔස්ට්‍රේලියාව විසින්ද ක්‍රියාත්මක කරනු ඇති බවට වාර්තා පළවනවා.
බොහෝවිට ඉදිරි මාස 03 ත් 06 ත් අතර කාලයේදී මෙම නව සංක්‍රමණ නීති රෙගුලාසි සම්මත කර ගැනෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.
පුහුණු නිපුණතා වීසා – ශිෂ්‍ය වීසා – ස්ථිර පදිංචිය ඇතුලු සියලු වීසා කාණ්ඩ සරල කිරීම මෙහි ඇති ප්‍රධාන සංශෝධන අතර වනවා.

එමෙන්ම දැනට උග්‍ර සේවක හිගයක් පවතින ක්ෂේත්‍රවල රැකියා පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කිරීමට අදාළ විධිමත් ක්‍රමවේදයක්ද යෝජිත ළකුණු පදනම් කරගත් සංක්‍රමණ ක්‍රමයට අන්තර්ගත වනු ඇති.
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ නීති පද්ධතිය සංකීර්ණවීම හමුවේ පුහුණු ශ්‍රමිකයන් විශාල පිරිසක් කැනඩාව වැනි සරල නීති පවතින රටවල් කරා යොමුවන බව සඳහන්.
