Search

Woolworths Everyday Rewards වාර්ෂික ගාස්තුව ඉහළට

Everyday Rewards වැඩසටහනට වෙනස්කම් කිහිපයක් හඳුන්වාදීමට Woolworths සුපිරි වෙළඳසැල් ජාලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව වාර්ෂික ගාස්තුව ඩොලර් 59 සිට 70 දක්වා ඉහළ නැංවෙනු ඇති.

ඔන්ලයින් ක්‍රමයට මිළදී ගැනීමේ සිදුකිරීමේදී ලබාදී තිබූ සියයට 10 ක වට්ටම් ඉවත් කිරීමද ප්‍රධාන සංශෝධනයක්.

එක් එක් භාණ්ඩයේ වටිනාකම මත ලබාදෙන ප්‍රසාද දීමනා සංඛ්‍යාවද අඩු කිරීමට Woolworths විසින් තීරණය කර තිබෙනවා.

ලබන ජූලි පළමුවනදා සිට මෙම නව වෙනස්කම් බලාත්මක වනු ඇති.

දැනට මිලියන 14 කට ආසන්න පිරිසක් Woolworths Everyday Rewards වැඩසටහන සඳහා ලියාපදිංචි වී තිබෙනවා.