හඳුන්වාදී පැය 48 ක් යාමට පෙර ඉහළම ප්‍රසාදයක් අත්කරගත් ලාංකික ඇගලුම් නාමය

ඔස්ට්‍රේලියානු වෙළඳපොළට හඳුන්වාදී දින 02 ක් ගතවීයාමට මත්තෙන් Chamzz වෙළඳනාමය ශ්‍රී ලාංකික ප්‍රජාව අතර ඉහළ ප්‍රසාදයක් හිමිකරගෙන තිබෙනවා.

ඒ අනුව ගතවූ පැය 48 තුළදී බොහෝ පිරිසක් www.chamzz.com වෙත පිවිස ඔන්ලයින් ක්‍රමයට ඇගලුම් මිළදී ගෙන තිබීම විශේෂත්වයක්.

දැඩි ඉල්ලුම හමුවේ පාරිභෝගික ප්‍රජාවට තවත් සහනයක් ලබාදීම පිණිස සියයට 15 ක වට්ටමක් ලබාදීමටද Chamzz තීරණය කර තිබෙනවා.

තොග අවසන්වනතුරු පමණක් එම වට්ටම බලාත්මක වන බැවින් ඉක්මන් කර මෙම වරප්‍රසාදය හිමිකරගන්නැයි දැනුම්දීමක් සිදු කෙරෙනවා.

පළමු අධියරේදී www.chamzz.com වෙබ් අඩවිය හරහා ඇණවුම් සිදුකල හැකි අතර ඉතාම නුදුරේදී ඔස්ට්‍රේලියාව පුරා වෙළඳසැල් මගින්ද මිළදී ගැනීම් සිදුකල හැකි පරිදි පහසුකම් සැළසෙනු ඇති.

ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයන්ට ඉතා පහසුවෙන් උසස්ම තත්ත්වයේ ඇඳුම් ලබාදීම chamzz හි ප්‍රධාන අරමුණයි.

ඇණවුමක් ලබා දී දින කිහිපයක් ඇතුළත ඔබේ නිවසටම ඇණවුම් භාර දීමට chamzz සැලසුම් කර තිබෙනවා.

ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට ඇඳුම් ආනයනය කිරීමේදී පාරිභෝගිකයන්ට දැරීමට සිදුවන අධික පිරිවැය අවම කර ගැනීම www.chamzz.com වෙබ් අඩවිය හරහා අපේක්ෂිත ප්‍රධාන අරමුණක්.

මූලික පියවර වශයෙන්, Chamzz විසින් කාන්තා ඇඳුම් හඳුන්වා දෙන්නේ ප්‍රධාන වශයෙන් කාර්යාලීය ඇඳුම් කෙරෙහි අවධානය යොමු කරමිනුයි.

අනාගතයේදී තවත් බොහෝ වෙළඳ සන්නාම www.chamzz.com සමග සම්බන්ධ වීමට නියමිතය.

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ඉංජිනේරුවෙක් ඇතුලු කණ්ඩායමකින් energy-‘smart ගඩොල්

ඔස්ට්‍රේලියාවේ තාක්‍ෂණ, සැලසුම් සහ ව්‍යවසාය පිළිබඳ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය වන RMIT විසින් සිදු කළ නවතම පර්යේෂණයක් සඳහා ශ්‍රී ලාංකික ඉංජිනේරුවෙක් ද එක්ව තිබෙනවා.

Read More »