Search

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැති දේශපාලනයෙන් විශ්‍රාම ගනී

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැති මාර්ක් මැක්ගෝවන් දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.

දේශපාලනයෙන් – ප්‍රාන්ත අගමැති ධුරයෙන් මෙන්ම ප්‍රාන්ත සභික ධුරයෙන්ද තමන් මෙම සතිය අවසානයේදී ඉවත් වන බවයි පර්ත් නුවර අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු නිවේදනය කලේ.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත ලේබර් පක්ෂ නායකත්වයට මාර්ක් මැක්ගෝවන් පත්වූයේ 2012 වසරේදීයි.

55 හැවිරිදි ඔහු අවස්ථා 02 කදී ප්‍රාන්ත අගමැති ධුරය ජයගැනීමටද සමත්වුණා.

දේශපාලන දිවියේ අධික පීඩනය සහ වයස සළකා බලා මෙම සමුගැනීම ප්‍රකාශයට පත් කරන බවද ඔහු කියාසිටියා.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත මැතිවරණයක් නැවත පැවැත්වීමට නියමිතව ඇත්තේ 2025 වසරේදී බැවින් වැඩ බලන අගමැතිවරයෙකු ඉදිරියේදී පත්කිරීමට නියමිතයි.

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව

Read More »

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »