Amazon සමාගමෙන් ඔස්ට්‍රේලියා රැකියා 1,000 ක්

වසර මැද කාර්යබහුල බෙදා හැරීම් කාලසීමාව වෙනුවෙන් ඔස්ට්‍රේලියාව තුළ තාවකාලික seasonal සේවකයන් 1000 ක් බඳවා ගැනීමට සුප්‍රකට Amazon සමාගම පියවර ගෙන තිබෙනවා.

සිඩ්නි – මෙල්බන් – බ්‍රිස්බන් – පර්ත් සහ ඇඩිලේඩ් යන නගරවල පිහිටි සිය මධ්‍යස්ථානවල ඇති පුරප්පාඩු මෙලෙස සම්පූර්ණ කෙරෙන බවයි ඔවුන් නිවේදනය කලේ.

අන්තර්ජාලය හරහා අයදුම්පත් යොමුකල යුතු අතර අයදුම්කරුවන්ට කිසිදු පූර්ව අත්දැකීමක් තිබිය යුතු වන්නේ නැහැ.

තෝරාගන්නා පිරිසට පූර්ණ පුහුණුවක් ලබාදීමෙන් පසු රැකියා සඳහා අනුයුක්ත කෙරෙන බව Amazon සමාගම නිවේදනය කර සිටිනවා.

දැනට ඔස්ට්‍රේලියාව තුළ සිටින රැකියාවක නිරතවීම සඳහා නියමිත වීසා බලපත්‍රයක් ඇති අයට පමණක් මේ සඳහා අයදුම්කල හැකි බවයි Amazon සමාගම වැඩිදුරටත් දන්වා සිටින්නේ.