
Coles සහ Woolworths හරහා සිය නිෂ්පාදන අලෙවි කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම කිරි නිෂ්පාදන සමාගමක් වන “Made By Cow” හි ව්‍යාපාර කටයුතු බිඳ වැටී තිබෙනවා.
නිවු සවුත් වේල්ස් හි ස්ථාපිත සමාගමක් වන ඔවුන් අද නිල වශයෙන් දන්වා සිටියේ නිෂ්පාදන කටයුතු අත්හිටුවීමට පියවර ගත් බවයි.
ඉහළ යන පොළී අනුපාතිකයන් – උද්ධමනය – ආර්ථික ගැටලු සහ සැපයුම් අඩාලවීම හමුවේ සමාගම බංකොළොත් වී තිබෙනවා.

කිසියම් අයුරකින් වෙනත් පාර්ශවයක් විසින් මෙම සමාගම මිළදීගතහොත් ඉදිරියේදී නැවතත් “Made By Cow” නිෂ්පාදන වෙළඳපොළට පැමිණෙනු ඇති.
කෙසේවෙතත් එය තවමත් අවිනිශ්චිත තත්වයකයි පවතින්නේ.
