
මෙල්බන් නාගරික කලාපයට ආසන්නයෙන් ඊයේ රාත්‍රියේ බලපා ඇත්තේ වසර 120 කට පසු හටගත් ප්‍රබලම භූ චලනය බව අනාවරණය වී තිබෙනවා.
ඊයේ රාත්‍රී 11.40 ට පමණ සන්බරි ආශ්‍රිතව හටගත් මෙම කම්පනය ප්‍රදේශ ගණනාවකට දැනී තිබුණා.
රික්ටර් මාපකයේ ඒකක 3.8 ක් ලෙස සටහන් වූ මෙම භූ චලනය පොළව අභ්‍යන්තරයේ කිලෝමීටර් 03 ක් පමණ ගැඹුරින් සටහන්වී තිබූ බවයි ඔස්ටේ්‍රලියානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කලේ.

මෙහි කම්පනය ටස්මේනියාවේ හෝබාර්ට් නුවරට පවා දැනී තිබූ බවටයි මේ වනවිට තහවුරු කරගෙන ඇත්තේ.
මෙහිදී කිසිදු ජීවිත හාකියක් හෝ තුවාල සිදුවීමක් වාර්තා වී නොමැති නමුත් ගොඩනැගිලි රැසක ඉරිතළා යෑම් සටහන්වී තිබෙනවා.

2021 වසරේදී රික්ටර් මාපකයේ ඒකක 5.9 ක ප්‍රබල භූ චලනයක්ද මෙල්බන් නගර මධ්‍යයේ සිට කිලෝමීටර් 180 ක් පමණ දුරින් සටහන් වි තිබුණා.
කෙසේවෙතත් මෙල්බන් නාගරික කලාපයට ආසන්නයෙන් ප්‍රබලම භූ චලනයක් වාර්තාවී ඇත්තේ වසර 120 කට පසුවයි.