Search

NSW කුළී නිවැසියන්ට සුරතල් සතුන් ගැන නීති වෙනසක්

නිවාසවල කුළියට සිටින්නන්ගේ සුරතල් සතුන් සම්බන්ධ නීති සංශෝධනය කිරීම කෙරෙහි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂයේ අවධානය යොමුවී තිබෙනවා.

දැනට පවතින නීති යටතේ කුළියට නිවාසවල සිටින්නන් විසින් සුරතල් සතුන් ගෙන එන්නේ නම් ඒ සඳහා නිවාස හිමිකරු විසින් අවසර දිය යුතු අතර කිසිදු හේතු විමසීමකින් තොරව එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කල හැකියි.

පාලක කම්කරු පක්ෂය විසින් එම රෙගුලාසි සංශෝධනය කිරීමට අපේක්ෂා කරන අතර එවැනි ඉල්ලීමක් ලැබුණහොත් දින 21 ක් ඇතුළත සළකා බලා අවසන් තීරණයක් දිය යුතු වනවා.

කිසියම් අයුරකින් ප්‍රතික්ෂේප කිරීමක් සිදුකල හොත් ඒ සඳහා බලපෑ හේතුන් ද නිවාස හිමිකරු විසින් පැහැදිලිව දැක්විය යුතු බවයි නිවු සවුත් වේල්ස් පාලක කම්කරු පක්ෂය සඳහන් කර සිටින්නේ.

දැනට නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ නිවාස කුළියට සිටින පිරිස අතුරින් මිලියන 02 ක් පමණ සුරතල් සතුන් ඇති කරන්නන් බවයි අනාවරණ වී ඇත්තේ.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »