ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ගෙන් 40% ක් regional යවන්නැයි ඉල්ලීමක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් නාගරික නොවන ප්‍රදේශවලද පදිංචි කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ෆෙඩරල් රජයට ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා.

ජනගහන සංඛ්‍යාලේඛණ වාර්තාවේ සඳහන් වූයේ මෙරටට පැමිණෙන සංක්‍රමණිකයන් අතුරින් නාගරික නොවන ප්‍රදේශ වෙත යොමුවන්නේ සියයට 17 ක් වැනි පිරිසක් පමණක් බවයි.

ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් නාගරික නොවන ප්‍රදේශවලද පදිංචි කිරීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කරන්නැයි ෆෙඩරල් රජයට ඉල්ලීමක් ඉදිරිපත්වී තිබෙනවා.

එය අවම වශයෙන් සියයට 40 ක් දක්වා හෝ වැඩි කරන්නැයි ප්‍රාදේශීය ඔස්ට්‍රේලියා ආයතනය රජයෙන් ඉල්ලීමක් කර සිටිනවා.

එසේ නොවුණහොත් ප්‍රාදේශීය කලාපවල පවතින උග්‍ර සේවක හිගය පියවා ගැනීමට නොහැකිවනු ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඉදිරි වසර 04 තුළදී මෙල්බන් නාගරික කලාපයට පුද්ගලයන් 70,000 ක් සංක්‍රමණය වනවිට ප්‍රාදේශීය කලාප සඳහා යොමුවන්නේ 7,000 ක් වැනි පිරිසක් පමණක් බවටයි ගණන් බලා ඇත්තේ.

ඔස්ට්‍රේලියාව පුරා ප්‍රාදේශීය කලාපවල දැනට විවිධ ක්ෂේත්‍රවල රැකියා 96,000 ක් පමණ පවතින බවද සඳහන්.

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »