මැයි මාසයේ දිනයකදී ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර රැසකින් සටහන් වූ අවම උෂ්ණත්ව අගයන් අද පෙරවරුවේ සටහන් වී තිබෙනවා.
මෙම තත්වය ඉදිරි පැය 48 තුළදීද අපේක්ෂා කල හැකි බවයි කාළගුණ විද්‍යා කාර්යාංශය නිකුත් කර ඇති අනාවැකියක දැක්වෙන්නේ.
කැන්බරා නගරයේ අද පෙරවරුවේ අවම උෂ්ණත්වය සෘණ 02 ක් ලෙස සටහන් වී තිබුණා.
සිඩ්නි නගරයේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 07 ක් ලෙස ද මෙල්බන් නගරයේ අවම උෂ්ණත්වය අංශක 10 ක් ලෙසද වාර්තා වී තිබූ බවයි කාළගුණ විද්‍යා දත්තවල සඳහන් වන්නේ.
බ්‍රිස්බන් අංශක 08 ක් – හෝබාර්ට් අංශක 09 ක් – පර්ත් අංශක 05 ක් සහ ඇඩිලේඩ් අංශක 11 ක් ලෙස අවම අගයන් සඳහන් වී තිබුණා.
ඊයේ අලුයම පර්ත් ගුවන් තොටුපළේ අවම උෂ්ණත්වය අංශක 1.1 ක් ලෙස පැවති අතර වසර 59 කට පසු මැයි මාසයේ දිනයක සටහන් වූ අවම උෂ්ණත්වය එයයි.