Search

බුදු දහමට එරෙහිව ආන්දෝලනාත්මක ප්‍රකාශ කළ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට

කොළඹ පැවති උත්සවයකදී බුදු දහමට එරෙහිව ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදුකළ නතාෂා එදිරිසූරිය නමැත්තිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රටින් පිටවීමට උත්සාහ කිරීමේදී අද අලුයම ඇය කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කලේ.

බුදු දහමට, ඉස්ලාම් ආගමට සහ කිතු දහමට අපහාස කල බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී තිබු පැමිණිල්ලකට අදාළවයි ඇය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

කොළඹ ප්‍රධාන පාසලක පැවති ප්‍රහසන වැඩසටහනකදී මෙම අපහාසය සිදුකල බවට චෝදනා පවතිනවා.

අදාළ තරුණිය හා ඇයගේ ප්‍රකාශය අන්තර්ජාලයට එක්කළ පුද්ගලයා සමාජ මාධ්‍යය ඔස්සේ පැවසුවේ, එම ප්‍රකාශය සම්බන්ධයෙන් කණගාටු වන බවයි.

ඇමරිකාවේ කුරුළු උණ පාලනයකින් තොරව පැතිරේ

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු හඟවනවා.

Read More »

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අතේ ගෙන යා හැකි Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Read More »