දකුණු ඔස්ට්‍රේලියා Aged care දුරස්ථ ප්‍රතිකාර පුලුල් කෙරේ

Aged care නේවාසිකයන් වෙනුවෙන් දුරස්ථ ප්‍රතිකාර (virtual care) ලබාදීමේ වැඩසටහන පුලුල් කිරීමට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

රෝහල්වල හදිසි අංශවල පවතින තදබදය අවම කිරීමයි එහි අරමුණ වන්නේ.

මීට අදාළ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරුණු අතර එහි සාර්ථකත්වය මතයි නේවාසිකයන් 10,000 කට දුරස්ථ ප්‍රතිකාර ලබාදීමට ස්ථිරව තීරණය වී ඇත්තේ.

Aged care නේවාසිකයන් බහුතරයක්ද නව වැඩපිළිවෙල සඳහා කැමැති වී ඇත්තේ රෝහල් සඳහා යාමකින් තොරව මධ්‍යස්ථානයේදීම වෛද්‍ය උපදෙස් ලබාගැනීමට හැකිවීම හේතුවෙනුයි.

සැප්තැම්බර් මාසයේදි දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ රෝගීන් ගිලන් රථවල ගතකර තිබු කාලය පැය 3,567 ක් බව පසුගියදා අනාවරණය වුනා.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »