පාරිභෝගිකයන් නොමග යැවූ බවට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ආයතන 03 කට චෝදනා

පාරිභෝගිකයන් නොමග යැවීමෙන් වළකින්නැයි ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම ප්‍රධාන විදුලි උපකරණ අලෙවි ව්‍යාපාර ජාල 03 කට අනතුරු අගවා තිබෙනවා.

refund, replacement, repair යන අංශ 03 ට අදාළවයි Harvey Norman, JB Hi-Fi සහ The Good Guys වෙත මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ.

වගකීම් සහතිකය සහිත කාලසීමාව තුළදී කිසියම් අයුරකින් නිෂ්පාදන වල දෝෂයක් සිදුවුවහොත් කටයුතු කෙරෙන ආකාරය පිළිබඳව අදාළ ව්‍යාපාර ජාල විසින් පාරභෝගිකයන් නොමග යවා ඇති බවට පාරිභෝගික කොමිසමට ලැබී ඇති පැමිණිලිවල සඳහන්.

විශාල වශයෙන් වට්ටම් හිමිවන කාලසීමාවට පෙර මෙම අනතුරු ඇගවීම නිකුත් කර තිබීමද විශේෂත්වයක්.

පවතින නීති මාලාව අනුව මෙම ආයතන වෙත දඩ නියම කිරීමට හැකියාවක් නොමැති බවත් සිදුකල හැකි වනුයේ අවවාද කිරීම පමණක් බවත් ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම අවධාරණය කරනවා.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »