නිවාස අරමුදල ඉහළ දැමීමට පියවර ගෙන නොමැති බවට චෝදනා

ෆෙඩරල් රජයේ නිවාස අරමුදල සඳහා වෙන්කර ඇති මුදල ඉහළ දැමීමට මෙතෙක් පියවර ගෙන නොමැති බවට චෝදනා එල්ල වනවා.

වසරකට ඩොලර් මිලියන 500 ක් බැගින් වෙන් කරමින් ක්‍රියාත්මක ඩොලර් බිලියන 10 ක මෙම අරමුදල හරහා නව සමාජ ආරක්ෂණ නිවාස ඉදි කිරීමට සහ ස්වදේශික ජනතාවගේ නිවාස වැඩි දියුණු කිරීමට නියමිතයි.

පළමු වසර 05 තුළදී එලෙස ඉදි කිරීමට යෝජනා වී ඇති නිවාස ගණන 20,000 ක්.

ඉන් නිවාස 4,000 ක් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය හමුවේ පීඩාවට පත් කාන්තාවන් සඳහාද – තවත් 10,000 ක් ඉදිරිපෙළ සේවකයන් සඳහාද වෙන් කිරීමට නියමිතයි.

කෙසේවෙතත් මෙම ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන බවත් රජයේ ඉලක්කය සාර්ථක නොවනු ඇති බවත් ස්වාධීන මන්ත්‍රීන් අවධාරණය කරනවා.

මේ පිළිබඳව අවස්ථා ගණනාවකදී ෆෙඩරල් රජය දැනුවත් කෙරුණද සතුටුදායක පිළිතුරක් නොමැතිවීම මත එම යෝජනාවට සහය දිය නොහැකි බවයි ඔවුන් සඳහන් කරන්නේ.

Today’s Top Stories – Saturday 10th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බාල අපරාධකරුවන් වැඩිම පිරිස ක්වින්ස්ලන්ඩ් රැඳවුම් මධ්‍යස්ථානවල

අධීක්ෂණ තත්වයෙන් මුදාහරින තරුණ වරදකරුවන් අතුරින් අඩකට වැඩි පිරිසක් මාස 12 ක් ඇතුළත නැවතත් නව චෝදනා මත දඩුවම්වලට ලක් කෙරෙන බවට අනාවරණය වනවා.

Read More »

සිඩ්නි සික් සහ හින්දු ජාතිකයන් අතර මතභේද නැවතත් උග්‍රවෙයි

සිඩ්නි නගරයේ සික් සහ හින්දු ජාතිකයන් අතර මතභේද නැවතත් උග්‍රවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ අවධානය යොමු කර තිබෙනවා.

Read More »