මෙල්බන් CBD ඇතැම් කලාපවල මෝටර් රථ තහනමක් ?

මෙල්බන් නාගරික කලාපයේ (CBD) ඇතැම් කලාපවල මෝටර් රථ ගමන් කිරීම තහනම් කෙරෙනු ඇති බවට වාර්තා පළවනවා.

ඒ අනුව ඉදි කිරීම් අතරතුර පදිකයන්ට ආරක්ෂාකාරීව ගමන් කිරීම සඳහා වැඩි ඉඩක් හිමිවීමට නියමිතයි.

නව දුම්රිය ස්ථාන කිහිපයක් ඉදි කිරීම සඳහායි මෙම සංවර්ධන කටයුතු සිදුකරමින් පවතින්නේ.

අදාළ කලාපවල මෝටර් රථ ධාවනය මුලුමුණින්ම තහනම් නොකෙරෙන අතර ඇතැම්විට එක් මංතීරුවක් වසා දැමීම හෝ කාර්ය බහුල අවස්ථාවලදී රථවාහන ධාවනය අත්හිටුවීම සිදුකෙරෙන බව සඳහන්.

මෙම යෝජනාව ලබන මාසයේදී මෙල්බන් නාගරික කවුන්සිලයේදී විවාද කර සම්මත කරගැනීමට නියමිත අතර මහජනතාවට ද අදහස් හා යෝජනා ඉදිරිපත් කල හැකියි.

Today’s Top Stories – Saturday 10th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බාල අපරාධකරුවන් වැඩිම පිරිස ක්වින්ස්ලන්ඩ් රැඳවුම් මධ්‍යස්ථානවල

අධීක්ෂණ තත්වයෙන් මුදාහරින තරුණ වරදකරුවන් අතුරින් අඩකට වැඩි පිරිසක් මාස 12 ක් ඇතුළත නැවතත් නව චෝදනා මත දඩුවම්වලට ලක් කෙරෙන බවට අනාවරණය වනවා.

Read More »

සිඩ්නි සික් සහ හින්දු ජාතිකයන් අතර මතභේද නැවතත් උග්‍රවෙයි

සිඩ්නි නගරයේ සික් සහ හින්දු ජාතිකයන් අතර මතභේද නැවතත් උග්‍රවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ අවධානය යොමු කර තිබෙනවා.

Read More »