වසරකදී ක්වීන්ස්ලන්ඩ් රථවාහන කැමරා ආදායම 70% කින් ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ රථවාහන කැමරා මගින් හඳුනාගත් වැරදිවලට අදාළ දඩ පත්‍රිකා මගින් උපයාගත් ආදායම මාස 12 කදී සියයට 70 කින් ඉහළගොස් තිබෙනවා.

ඒ අනුව ගතවූ මාස 12 දී ප්‍රාන්ත රජය විසින් උපයා ඇති අමතර ආදායම ඩොලර් මිලියන 200 කට අධිකයි.

2021-22 මූල්‍ය වර්ෂයේදී ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය විසින් උපයා තිබු ආදායම ඩොලර් මිලියන 274.5 ක්.

2022-23 මූල්‍ය වර්ෂය තුළදී එය ඩොලර් මිලියන 465.8 දක්වා වැඩිවී ඇති අතර ලබන මූල්‍ය වර්ෂයේදී එය ඩොලර් මිලියන 500 ක් කරා ඉහළ යනු ඇති බවටද අපේක්ෂා කෙරෙනවා.

වේග සීමා අභිබවා යාම – රිය ධාවනයේදී ජංගම දුරකථන භාවිතය සහ මාර්ග සංඥා සඳහා අවනත නොවීම මෙම වැරදි අතුරින් ප්‍රමුඛස්ථානයක් ගෙන තිබෙනවා.

දැනට ක්වීන්ස්ලන්ඩ් හි පවතින නීතිය අනුව ආසන පටි නොපැළඳීමට ඩොලර් 1,078 ක – මාර්ග සංඥා කඩ කිරීමට ඩොලර් 575 ක සහ වේග සීමා උලංලඝනයට ඩොලර් 1,653 ක දඩයක් නියම වනවා.

රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන්ගේ ප්‍රධානතම ගැටලු අතරට

රක්ෂණ වාරික ගෙවීම ඔස්ට්‍රේලියානු රියදුරන් මුහුණදෙන ප්‍රධානතම ගැටලුවක් බවට පත්වි ඇතැයි නවතම සමීක්ෂණයක් අනාවරණය කරනවා.

Read More »

වික්ටෝරියා ගුරුවරුන්ට $ දහස් ගණනක මුදල් සහනාධාරයක්

දුෂ්කර හෝ ප්‍රාදේශීය කලාපවල සති 03 ක පුහුණුව සම්පූර්ණ කිරීමට කැමති පුහුණු ගුරුවරුන්ට ඩොලර් දහස් ගණනක මුදල් සහනාධාරයක් දීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.

Read More »
AUS LANKA RADIO

LIVE : Ausලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »

Today’s Top Stories – Friday 09th June, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »