
වික්ටෝරියා ප්‍රාන්තයේ ඉදි කිරීම් කොන්ත්‍රාත් සම්බන්ධ අක්‍රමිකතා රැසක් අනාවරණය වී තිබෙනවා.
උප කොන්ත්‍රාත්වරුන් විසින් ඇතැම් ඉදි කිරීම් සඳහා නියමිත මුදලට වැඩියෙන් මුදල් අය කිරීම එහිදී බහුලව දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම එකම සේවා මුරය සඳහා අවස්ථා කිහිපයකදී ගාස්තු අය කර බිල්පත් නිකුත් කිරීම්ද සිදුවී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් අවධාරණය කරන්නේ එල්ල වී ඇති චෝදනා පිළිබඳ පුලුල් විමර්ශනයක් පවත්වන බවයි.
මේ අතර නිසි පැමිණිල්ලක් නොමැතිව විමර්ශනයක් ආරම්භ කල නොහැකි බව වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය සඳහන් කර සිටිනවා.
