
සිඩිනි නාගරික කලාපයේ පිහිටා තිබූ ඊයේ හටගත් දැඩි ගින්නකින් විනාශයට පත්වූ 07 මහල් ගොඩනැගිල්ල සුපිරි හෝටලයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිතව තිබු බව අනාවරණ වී තිබෙනවා.
2019 වසරේදී එම සැළසුම සකස් කර තිබී ඇති අතර වැය කිරීමට යෝජනා වී තිබූ මුදල ඩොලර් මිලියන 40 ක් ලෙසටයි තක්සේරු කර තිබුණේ.
2020 වසරේදී ඊට අදාළ අනුමැතිය ලැබී තිබුණද කොවිඩ් වසංගතය හමුවේ අදාළ ඉදි කිරීම් වසර කිහිපයක් ප්‍රමාදවී පැවති බව සඳහන්.

ඊයේ පස්වරු 04 ට පමණ හටගත් දරුණු ගින්නකින් මෙම ගොඩනැගිල්ල මුලුමනින්ම විනාශයට පත්වූ අතර නිවු සවුත් වේල්ස් පොලිසිය සැක පළකරන්නේ මෙය කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක ප්‍රථිඵලයක් බවටයි.
ඒ අනුව 13 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමද මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
