ඔස්ට්‍රේලියානු සිල්ලර පිරිවැටුම අප්‍රේල් මාසයේදී නොවෙනස්ව පැවති බව සංඛ්‍යාලේඛණ කාර්යාංශය පවසනවා.
මාර්තු මාසයේදී සියයට 0.4 ක් සහ පෙබරවාරි මාසයේදී සියයට 0.2 ක් ලෙස එය ඉහළයාම් සටහන් වී තිබුණා.
ඇඳුම් – පාවහන් – පුද්ගලික ආයිත්තම් ආදී ද්‍රව්‍යවල මිළදී ගැනීම්වල ඉහළයාමක් පමණක් පසුගිය මාසයේදී සටහන්වී ඇති අතර සෙසු සෑම කාණ්ඩයකම මිළදී ගැනීම්වල අඩුවක් හෝ නොවෙනස්වීමක් පැවති බව සඳහන්.
මේ අතර කර්මාන්ත ලෙස සැළකීමේදී වැඩිම මෙහෙයුම් ලාභයක් වාර්තා කල අංශය බවට පතල් කර්මාන්තය පත්වී තිබෙනවා.
ඉදිකිරීම් – බලශක්ති ආදී ක්ෂේත්‍රවල පහළයාමකුයි මෙම කාලසීමාවේදී සටහන් වී ඇත්තේ.