කාන්තාවක වහල් සේවයේ යෙදවීමට මෙල්බන් යුවළකට චෝදනා

ගෘහ සේවයට සිටින කාන්තාව වහල් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් මෙල්බන් නිරිත දිග ප්‍රදේශයේ යුවළකට චෝදනා ගොණු කර තිබෙනවා.

පසුගිය වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා කාලයේදී අදාළ කාන්තාවට දරුණු වධ හිංසා කල බවටයි 44 හැවිරිදි පුරුෂයෙකුට සහ ඔහුගේ 29 හැවිරිදි බිරිඳට චෝදනා එල්ල වී ඇත්තේ.

Point cook ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවසේදී ගෘහ සේවිකාව වහල් සේවයේ යොදවා ඇති බව ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය විසින් හෙළිකරගෙන තිබෙනවා.

මොවුන් දෙදෙනා අද මෙල්බන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කල අවස්ථාවේදී චෝදනා කියවා දී ඇති බව සඳහන්.

කිසියම් අයරකින් නඩු විභාගය අවසානයේදී ඔවුන් වරදකරුවන් බවට පත්වුවහොත් වසර 25 ක උපරිමයකට යටත්වන සිර දඩුවමකට ලක්වීමට සිදුවනු ඇති.

නඩුව වැඩිදුර විභාගය ලබන මස 19 වනදා සිදුකිරීමට නියමිතයි.

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »

Today’s Top Stories – Monday 04th December, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »