Search

ගෝල්ඩ් කෝස්ට් රෝහල් තදබදය අවම කිරීමට රෝගීන් අලුත් තැනකට

ගෝල්ඩ් කෝස්ට් නගරයේ පොදු රෝහල්වල පවතින තදබදය අවම කිරීම සඳහා ඇතැම් රෝගීන් sea world නිවාඩු නිකේතනය වෙත යොමු කරවන බව අනාවරණය වී තිබෙනවා.

හදිසි ප්‍රතිකාර අවශ්‍ය නොවන සාමාන්‍ය රෝගීන් සඳහා එහි ඇඳන් 24 ක් වෙන් කර ඇති බවයි අනාවරණය වන්නේ.

ක්වීන්ස්ලන්ඩ් නව සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ප්‍රාන්ත පාර්ලිමේන්තුවේදී අසන ලද පැණයකට දී ඇති පිළිතුරත් සමගයි මෙම තොරතුරු හෙළිවී ඇත්තේ.

කෙසේවෙතත් sea world නිවාඩු නිකේතනයේදී රෝගීන්ට අවශ්‍ය පහසුකම් නිසි පරිදි නොලැබෙන බවටද ප්‍රාන්ත විපක්ෂය චෝදනාවක් එල්ල කර තිබෙනවා.

ක්වීන්ස්ලන්ඩ් ගිලන් රථ ප්‍රමාදය ඇතුලු සෞඛ්‍ය ගැටලු ගණනාවක් සම්බන්ධයෙන්ද අද දිනයේදී පුලුල්ව සාකච්ඡා වි ඇති බව සඳහන්.

වික්ටෝරියාවේ දිය ඇල්ලක් අසල Graffiti ඇඳි පිරිස සොයා පොලිස් විමර්ශන

වික්ටෝරියාවේ සංස්කෘතික වශයෙන් වැදගත් ස්ථනයක් වන Paradise ඇල්ලේ ගල් බිත්තියක් මත කිසියම් පිරිසක් විසින් නීති විරෝධී ලෙස Graffiti ඇඳ තිබෙනවා. Paradise ඇල්ල සංචාරකයින් අතර වඩාත්

Read More »

වික්ටෝරියාවේ අධික වේගයෙන් රිය පදවන අය සොයයි

අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »