
ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක් විසින් පණවන වඩාත් දැඩිම ගිණි අවි පාලන නීති සම්මත කරගැනීමට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය තීරණය කර තිබෙනවා.
ප්‍රාන්ත අගමැති මාර්ක් මැක්ගෝවන් සඳහන් කලේ පර්ත් පාසලකදී 15 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (24) සිදුකල වෙඩි තැබීම ඊට ආසන්නතම හේතුව බවයි.
අමෙරිකාවේ සිදුවන ආකාරයේ ගිණි අවි සම්බන්ධ ඛේදවාචක ඔස්ට්‍රේලියාව තුළ සිදු නොවනු පිණිස මෙවැනි දැඩි නීති මාලාවක් පැණවීමට සිදුවන බවයි අගමැතිවරයා අවධාරණය කලේ.

දැනට බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්ත රජය සතුව බලපත් සහිත ලියාපදිංචි ගිණි අවි 360,000 ක් පමණ පවතින බව සඳහන්.
යෝජිත නව නීති මාලව මෙම වසර අවසානය වනවිට ප්‍රාන්ත පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමටයි නියමිතව ඇත්තේ.
