ඉදිරි පැය කිහිපයේදී ප්‍රාන්ත ගණනාවකට හිමපතනයන්

ඉදිරි පැය කිහිපයේදී ප්‍රාන්ත ගණනාවක කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව හිමපතනයන් ඇතිවිය හැකි බවට කාළගුණ අංශ අනාවැකි පළකරනවා.

නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා – ටස්මේනියා සහ ACT ප්‍රාන්ත ඒ අතර වනවා.

ඇතැම්විට මෙම ප්‍රාන්තවලට අයිස් වැසි තත්වයන් පවා ඇතිවිය හැකි බවටයි අනාවැකි පළවී ඇත්තේ.

අද දිනයේ මෙල්බන් නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 11 ත් 16 ත් අතර අගයක පවතිනු ඇති බව සඳහන්.

සිඩ්නි අංශක 07 ත් 23 ත් අතරද – හෝබාර්ට් අංශක 13 ත් 17 ත් අතරද පැවතිය හැකි බවටයි අනාවැකි පළවන්නේ.

කැන්බරා නගරයේ අවමය සෙල්සියස් අංශක 0 ක් ලෙසද උපරිමය අංශක 16 ක් ලෙසද පවතිනු ඇති.

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »

දකුණු ආසියාවේ පළමු අහස් පාලම සමග ITC රත්නදීප විවෘත වෙයි

ගාලු මුවදොර ආසන්නයේ ඉදි කෙරුණු ITC රත්නදීප (‘ITC Ratnadipa Colombo’ )අති සුඛෝපභෝගි හෝටලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊයේ විවෘත කරනු ලැබුවා.

Read More »

පර්ත් අවට මුහුදු තීරයට යන අයට අනතුරු ඇඟවීමක්

පර්ත් ආසන්න මුහුදු තීරයේ ඇති ඇල්ගී විශේෂයක් හේතුවෙන් පර්ත් හි සංචාරය කරන්නන්ට මුහුදේ දිය නෑම පිළිබඳ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »