ප්‍රාන්ත 03 ක විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 06 කට පමණ ලබන ජූලි 01 වනදා සිට සියයට 20 ත් 25 ත් අතර අගයකින් විදුලි ගාස්තු ඉහළයාමක් සිදුවන බව ඔස්ට්‍රේලියානු බලශක්ති නියාමන ආයතනය අද නිල වශයෙන් නිවේදනය කලා.
නිවු සවුත් වේල්ස් – ක්වීන්ස්ලන්ඩ් සහ දකුණු ඔස්ට්‍රේලියාවේ විදුලි පාරිභෝගිකයන් මීට අයත්වනු ඇති.
වික්ටෝරියා සහ ටස්මේනියා ප්‍රාන්තවල විදුලි ගාස්තු තීරණය වෙනම ක්‍රමයකට සිදුවන බැවින් ඔවුන් මීට යටත්වන්නේ නැහැ.
කෙසේවේතත් ජුලි පළමුවනදා සිට වික්ටෝරියාවේ විදුලි ගාස්තුද සියයට 25 කින් ඉහළයාමට නියමිතයි.
පසුගිය මාර්තු මාසයේදී පුරෝකථනය කර තිබුණේ සියයට 20 ත් 22 ත් අතර අගයකින් විදුලි ගාස්තු ඉහළයනු ඇති බවටයි.
කෙසේවෙතත් පිරිවැය සළකා ගාස්තු තීරණයේදී වැඩි ප්‍රතිශතයකින් ගාස්තු වැඩි කිරීමට සිදුවන බව ඔස්ට්‍රේලියානු බලශක්ති නියාමන ආයතනය කියාසිටියා.