ඔස්ට්‍රේලියාවට පැමිණි සංක්‍රමණිකයන් රැසකට ගෙවා ඇත්තේ අඩු වැටුප් බව හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවට මෑතකදී පැමිණි සංක්‍රමණිකයන්ගෙන් 16% කට පමණ ගෙවා ඇත්තේ ජාතික අවම වැටුප වන ඩොලර් 21.38 ට වඩා අඩුවෙන් බව අනාවරණය වී තිබෙනවා.

සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත විශ්ලේෂණය කළ මෙම වාර්තාවට අනුව පෙන්වා දී ඇත්තේ ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සේවකයින්ගේ ශ්‍රමය සූරාකෑම ඉතා ඉහළ අගයක පවතින බවයි.

ජාත්‍යන්තර සිසුන්, තාවකාලික වීසා මත සිටින පුහුණු ශ්‍රමිකයින්, seasonal workers හෙවත් සෘතුමය සේවකයින්, working holiday වීසා ලාභීන් සහ නවසීලන්ත පුරවැසියන් මෙලෙස අවම වැටුපටත් වඩා ගෙවීම් ලබන පිරිස අතර ප්‍රධාන ඛාණ්ඩ ලෙස හඳුනාගෙන තිබෙනවා.

තාවකාලික වීසා මත සිටින 82,000 කට ආසන්න සංක්‍රමණික සේවකයින් ද මෙලෙස අඩු වැටුප් ලබන්නන් අතර වන බව සඳහන්.

පසුගිය වසර පහ තුළ ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති තාවකාලික සංක්‍රමණික ශ්‍රමිකයින්, එකම රැකියාවක නියැලෙන සමාන කුසලතා ඇති දිගු කාලීන පදිංචිකරුවන් හා සසඳන විට අඩු වැටුප් ලැබීමට ඇති ඉඩකඩ 40% කින් වැඩි බවයි මෙම පර්යේෂණයේදී සොයාගෙන ඇත්තේ.

මේ අතර ඔස්ට්‍රේලියාවේ hospitality ක්ෂේත්‍රය තුළ විදේශීය ශ්‍රමිකයන් ශ්‍රම සූරාකෑමට ලක්කරන හාම් පුතුන් සහ සමාගම් සොයා ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය විසින් නවතම මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

CREDIT – SBS

රජයේ තීරණ නොසලකා ජාත්‍යන්තර සිසුන්ට වැඩි අවස්ථාවක් දෙන්න ප්‍රාන්තයක් සූදානම්

ෆෙඩරල් රජය ජාත්‍යන්තර ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කිරීමට පියවර ගෙන ඇති පසුබිමක් තුළ Northern Territory ප්‍රාන්තයේ ජාත්‍යන්තර සිසුන් සදහා වැඩි ඉඩක් ලබා දීමට සැළසුම් කර තිබෙනවා.

Read More »

බලාපොරොත්තු රැසක් තැබූ චීන අගමැති ඔස්ට්‍රේලියාවට ඇවිත් කියපු කතාව

තමා ඔස්ට්‍රේලියාවට පැමිණීමත් සමඟ චීන ඔස්ට්‍රේලියා සබඳතා යළිත් යථා තත්ත්වයට පත් වී ඇති බව චීන අග්‍රාමාත්‍ය ලී ශියෑන් (Li Qiang) පවසනවා.

Read More »

විරෝධතාකරුවන්ගේ වැඩ නිසා සිඩ්නි සරසවි බලධාරීන් අවසන් තීරණයක් ගනී

පලස්තීන හිතවාදී ක්‍රියාකාරින්ගේ කඳවුරු සහ අනාරක්ෂිත කූඩාරම් වහාම ඉවත් කර ගන්නා ලෙසට සිඩ්නි විශ්ව විද්‍යාලය නියෝග කර තිබෙනවා.

Read More »