Search

වික්ටෝරියා නව ඉඩම් බද්ද නිසා නිවාස කුළී වැඩිවන හැඩ

වික්ටෝරියා ප්‍රාන්ත අයවැයෙන් හඳුන්වා දුන් නව ඉඩම් බද්දෙහි පිරිවැය, නිවාස හිමියන් විසින් කුළී නිවැසියන්ට යොමු කරනු ඇති බවට අනතුරු ඇගවෙනවා.

දැනට ඩොලර් ලක්ෂ 03 ක වටිනාකමක් සහිත නිවාසවලින් පමණක් අය කෙරෙන නිවාස බද්ද ඩොලර් 50,000 ක වටිනාකම සහිත නිවාසවලින් පවා අය කෙරෙන සංශෝධනයක් මෙවර අයවැයට ඇතුළත් වුණා.

කොවිඩ් සමයේ ප්‍රාන්ත රජය විසින් ලබාගත් ණය මුදල් ආපසු ගෙවීම සඳහා එම බදු මුදල් දායක කරගන්නා බවයි අයවැය ලේඛනයෙහි දැක්වුණේ.

මෙම නව බද්ද වික්ටෝරියාවේ නිවාස 380,000 කට පමණ බලපාන අතර ඉන් අති බහුතරයක් කුළී නිවාස බව සඳහන්.

එබැවින් නිවාස හිමියන් විසින් නිවාස කුළී ඉහළදමා එම බදු බර කුළී නිවැසියන් වෙත යොමු කරනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

වසර 04 කදී මෙලෙස අය කර ගැනීමට නියමිත මුදල ඩොලර් බිලියන 8.6 ක්.

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »