ඔස්ට්‍රේලියාවේ විදෙස් සිසුන් ආහාර අනාරක්ෂිතභාවයෙන්

ඔස්ට්‍රේලියාව තුළ උසස් අධ්‍යාපනය හදාරන විදෙස් සිසුන් ඉහළ යන ජීවන වියදම හමුවෙි ආහාර අනාරක්ෂිතභාවයෙන් පෙළෙන බවට නවතම වාර්තාවක් පෙන්වා දෙනවා.

ඉන් බහුතරය වයස අවුරුදු 25 ට අඩු තරුණ තරුණියන් බවයි මොනෑෂ් විශ්ව විද්‍යාලය විසින් සිදුකර ඇති සමීක්ෂණ වාර්තාවක දැක්වෙන්නේ.

දැනට මෙල්බන් නගරයේ ශිෂ්‍ය වීසා මත සිටින විදෙස් සිසුන් සංඛ්‍යාව 182,000 කට ආසන්නයි.

එය වික්ටෝරියාවේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවෙන් සියයට 40 කට සමාන වන බවයි පැවසෙන්නේ.

මෙම පිරිසෙන් සැළකිය යුතු පිරිසකට තනි අර්ධ කාලීන රැකියාවකින් පමණක් නිවාස කුළී – ආහාර වියදම් – ප්‍රවාහන ගාස්තු සහ අනෙකුත් වියදම් ආවරණය කරගැනීම දැඩි අසීරු කරුණක් බව මෙම වාර්තාව අවධාරණය කරනවා.

ඔස්ට්‍රේලියා ශිෂ්‍ය වීසා මත සිටින්නන්ට අර්ධකාලීන රැකියාවල නිරතවිය හැකි පැය ගණන ලබන ජූලි 01 වනදා සිට සති 02 කට පැය 48 කට සීමා කෙරෙනු ඇති.

SOURCE : https://www.theguardian.com/australia-news/2023/may/23/at-the-brink-how-international-students-in-australia-are-ending-up-homeless-and-hungry

වසරේ අවසාන සංචිත බැංකු මණ්ඩල හමුව අද – Cash rate අගයෙහි වෙනසක් නොවන ළකුණු

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ව්‍යාපාරවලින් සියයට 61 ක් පසුගිය උත්සව සමයේ ලැබූ වෙළදාමට සාපේක්ෂව සියයට 11 කින් පහත වැටි ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »