Search

ඇඩිලේඩ් හිදී අතුරුදන්වු ලාංකික සිසුවෙකු ගැන තොරතුරු ඉල්ලයි

ඇඩිලේඩ් හිදී අතුරුදන්වු ශ්‍රී ලාංකික සිසුවෙකු සොයාගැනීම සඳහා වික්ටෝරියා – දකුණු ඔස්ට්‍රේලියා සහ ටස්මේනියා සඳහා වන ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය මහජන සහය පතනවා.

ඇඩිලේඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරමින් සිටි කරුණා ආරච්චිලගේ කුමුදු බණ්ඩාර නම් 24 හැවිරිදි තරුණයායි පසුගිය අප්‍රේල් මස මැද භාගයේ සිට මෙලෙස අතුරුදන්ව සිටිනුයේ.

ඔහුව අවසන්වරට දැක ඇත්තේ දකුණු ඔස්ට්‍රේලියාවේ සෙෆ්ටන් පාර්ක් හිදීයි.

මෙම තරුණයා පිළිබඳ කිසියම් තොරතුරක් වෙතොත් 03 92 90 42 00 යන දුරකථන අංකයට දැනුම්දෙන ලෙස මෙල්බන් කොන්සල් ජනරාල් කාර්යාලය ඉල්ලීමක් කරනවා.

එමෙන්ම [email protected] යන ඊ-මේල් ලිපිනයටද තොරතුරු යොමුකල හැකියි.

 

Dementia වර්ධනය වන හේතු

Dementia රෝගය හඳුනාගැනීම සහ ප්‍රතිකාර කිරීමේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි නව සොයාගැනීමක් සිදුකර තිබෙනවා.

Read More »

මෙල්බන්හිදී මෝටර් රථයක් සොරකම් කළ තරුණයෙක් පොලිස් සුනඛයෙකු විසින් සපා කයි.

මෝටර් රථයක් සොරකම් කිරීමේ සිද්ධියකට අත්අඩංගුවට ගත් යෞවනයෙකු පොලිස් සුනඛයෙකු විසින් සපාකෑමේ සිද්ධියක් වාර්තා වනවා.

Read More »