දෙවන රැකියාවක නිරතවන ඔස්ට්‍රේලියානුවන් ලක්ෂ 14 ක් දක්වා ඉහළට

පවතින ආර්ථික වාතාවරණය හමුවේ දෙවන රැකියාවක නිරතවන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව ලක්ෂ 14 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

Finder ආයතනය විසින් සිදුකර ඇති නවතම සමීක්ෂණ වාර්තාවක දැක්වෙන්නේ සමස්ත වැඩ කරන ජනගහණයෙන් 1/4 ක් හෙවත් ලක්ෂ 48 ක් පමණ ප්‍රධාන ආදායම් මාර්ගයට අමතර ආදායම් මාර්ගයක් කෙරෙහි යොමුවී ඇති බවයි.

ඒ අනුව සියයට 14 කට ආසන්න පිරිසක් වැඩි පැය ගණනක් සේවයේ නිරත වන බව සඳහන්.

තවත් සියයට 03 කට ආසන්න පිරිසක් විශ්‍රාම යාමෙන් පසුවද රැකියා සඳහා යොමුවී ඇත්තේ ආහාර – බලශක්ති සහ සෞඛ්‍ය ගාස්තු පියවාගැනීමේ අරමුණ ඇතිවයි.

පොළී අනුපාතිකයන් ඉහළයාමත් සමග ණය වාරික වැඩිවීම ඔස්ට්‍රේලියානුවන් මුහුණදෙන ප්‍රධානතම ගැටලුවක් බවට මේ වනවිට පත්වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ සේවය කරන ඔබටත් වැටුප් ලැබෙන්නේ මෙහෙම ද?

සාමාන්‍ය ඔස්ට්‍රේලියානු සේවකයෙකූ සෑම වසරකදීම ඩොලර් 21,000ක වැටුපක් ලැබිය යුතු අමතර කාලයක් සේවයේ නිරත වී ඇති බව නව සමීක්ෂණයක් මගින් අනාවරණය වී තිබෙනවා.

Read More »

තරග පැරදුණු ශ්‍රී ලංකා කණ්ඩායම ගංවතුරට කොටුවෙයි

අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට බලපෑම් කර ඇති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද බටහිර ඉන්දීය දූපත් බලා පිටත්ව යාමට නොහැකි වී ඇතැයි වාර්තා වනවා.

Read More »