
වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් කොවිඩ් සමයේදී ලබාගත් දැවැන්ත ණය ගෙවීම මහා පරිමාණ ව්‍යාපාර – සංචාරක නිවාස සහ සාමාන්‍ය නිවාස හිමිකරුවන් වෙත පවරා තිබෙනවා.
ඒ අද ප්‍රකාශයට පත්කෙරුණු ප්‍රාන්ත රජයේ අයවැය ලේඛණය හරහා එම ක්ෂේත්‍ර සඳහා පණවන ලද නව බදුත් සමගයි.
වසර 10 ක් පුරා මෙම බදු බලාත්මක වන අතර ඉදිරි වසර 04 තුළදී රැස්කර ගැනීමට අපේක්ෂිත ආදායම ඩොලර් බිලියන 8.6 ක්.

වික්ටෝරියා රාජ්‍ය සේවයේ රැකියා 3,000 ත් 4,000 ත් අතර සංඛ්‍යාවක් කපා හැරීමටද අද ප්‍රකාශයට පත්කල අයවැයෙන් යෝජනා කර තිබෙනවා.
ඒ හරහා වසර 04 කදී ඉතිරි කර ගැනීමට අපේක්ෂිත මුදල ඩොලර් බිලියන 2.1 ක්.

නිවාසවල වටිනාකම මත වික්ටෝරියා නිවාස හිමියන්ගෙන් අය කෙරෙන බදු මුදල්ද ඉහළ දමා තිබෙනවා.
වික්ටෝරියා අගමැති ඩැනියල් ඇන්ඩෲස් චෝදනා කර තිබුණේ මාස 12 ක් තුළ අවස්ථා 11 කදී පොළී අනුපාතික අගයන් ඉහළ නැංවීම හමුවේ මෙතරම් දැවැන්ත ණයක් එකතුවී ඇති බවයි.
කෙසේවෙතත් ප්‍රාන්ත විපක්ෂය මෙන්ම ආර්ථික විද්වතුන් අවධාරණය කරන්නේ ලේබර් රජයේ අසාර්ථක මූල්‍ය පාලනය හමුවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ආර්ථිකය කඩා වැටී ඇති බවයි.