ක්වන්ටාස් ගුවන් සේවය විසින් මෙම මූල්‍ය වර්ෂය සඳහා ඩොලර් බිලියන 2.48 ක පෙර බදු ආදායමක් පුරෝකථනය කර තිබෙනවා.
වසර 03 කට පසු නැවතත් ගුවන් සේවය යථා තත්වයට පත්වෙමින් ඇති බවයි ඔවුන් අද නිකුත් කල වාර්තාවක දැක්වෙන්නේ.
කොවිඩ් සමයෙන් පසු ගුවන් ගමන් කර්මාන්තය නැවතත් ප්‍රකෘති තත්වයට පත්වීමත් ඉන්ධන මිළ ගණන් තරමක් පහළයාමත් මෙම ආදායමට හේතුවී තිබෙනවා.
කෙසේවෙතත් ක්වන්ටාස් ගුවන් සේවයේ දළ ණය ප්‍රමාණයද මෙම මූල්‍ය වර්ෂයේදී ඩොලර් බිලියන 2.7 සිට ඩොලර් බිලියන 2.9 දක්වා ඉහළ යනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ.
ක්වන්ටාස් ගුවන් සේවය විසින් ඉදිරියේදී නව පියවර රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර නව ගමනාන්ත රැසකට ගුවන් ගමන් ආරම්භ කිරීමද ඒ අතර වනවා.