ඉන්දීය අගමැති මෝදි සිඩ්නි නුවරට

නිල සංචාරයක් සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිඩ්නි නුවරට ළගාවී තිබෙනවා.

ඉදිරි දින 02 තුළදී ඔහු සහ අගමැති ඇන්තනී ඇල්බනීස් අතර ද්විපාර්ශවික් සාකච්ඡා පැවැත්වෙන්නේ ආරක්ෂක – වෙළඳ – පුනර්ජනනීය බලශක්තිය යන අංශවලට අදාළවයි.

ඔස්ටේ්‍රලියානු ඉන්දීය ප්‍රජාව විසින් අගමැති මෝදි පිළිගැනීම සඳහා අද රාත්‍රියේ සිඩ්නි ඔලිම්පික් පාර්ක් හිදී දැවැන්ත උත්සවයක්ද සංවිධාන කර තිබෙනවා.

අගමැති ඇල්බනීස් ද ඊට සහභාගී වන අතර 20,000 කට අධික ඉන්දීය ප්‍රජාව ඊට පැමිණෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

හෙට ආරම්භවීමට නියමිතවූ ක්වඩ් රාජ්‍ය නායක සමුලුව අමෙරිකා සහ ජපාන රාජ්‍ය නායකයන්ගේ නොපැමිණීම හමුවේ අවලංගු කෙරුණා.

කෙසේවෙතත් සැළසුම් කල පරිදි තමන් සිඩ්නි නුවරට පැමිණෙන බවයි අගමැති මෝදි අනතුරුව ප්‍රකාශ කලේ.

උපදේශන සහ කොන්ත්‍රාත් වෙනුවෙන් වික්ටෝරියා රජය වසරකදී $ බිලියන 4.2 ක් වැය කරයි

විවිධ උපදේශන සේවා සහ කොන්ත්‍රාත් සමාගම් වෙනුවෙන් වික්ටෝරියා ප්‍රාන්ත රජය විසින් 2021-22 මුල්‍ය වර්ෂයේදී වැය කර ඇති මුදල ඩොලර් බිලියන 4.2 ක් බවට ගණන් බලා තිබෙනවා.

Read More »

මෙවර නත්තල් සමයේ සිල්ලර සේවකයන්ට එල්ලවන තර්ජනවල ඉහළයාමක්

පෙර වසරට වඩා භාණ්ඩ මිළ ඉහළයාමත් සමග මෙම වසරේ නත්තල් සමයේදී සිල්ලර අලෙවිසැල් සේවකයන්ට පාරිභෝගිකයන්ගෙන් එල්ලවන තර්ජනවල ඉහළයාමක් අපේක්ෂා කරන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

Read More »

රියදුරන්ගෙන් අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට වික්ටෝරියා රජය සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ විද්‍යුත් වාහන භාවිත කරන රියදුරන්ගෙන් අයථා ලෙස අයකල විද්‍යුත් වාහන බද්ද නැවත ගෙවිමට ප්‍රාන්ත රජය සූදානම් වනවා.

Read More »

මෙවර නිවාඩු සමයේ සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් පහළට

ඉහළ ජීවන වියදම හමුවේ මෙවර නිවාඩු සමයේදී සංචාරවල නිරතවන ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව සැළකිය යුතු අගයකින් අඩුවනු ඇති බවට පුරෝකථනය කර තිබෙනවා.

Read More »