
සිය විශ්‍රාම දිවිය ගත කිරීම සඳහා අවශ්‍ය ප්‍රමාණවත් මුදල් නොමැතිවනු ඇති බවට ඔස්ට්‍රේලියානුවන් අතුරින් 2/3 ක් අදහස් පළකර තිබෙනවා.
1950 දශකයේ උපත ලැබූවන් අතුරින් සියයට 52 ක් සහ 1960 හා 1970 දශකවල උපත ලැබූවන් අතුරින් සියයට 38 ක් එම අවිනිශ්චිතභාවයේ පසුවන බව සඳහන්.
1980 සහ 1990 දශකවල උපත ලැබූවන් අතුරින් සියයට 31 ක්ද පවසා ඇත්තේ ඉහළ යන පොළී අනුපාත – උද්ධමනය – නිවාස කුළි සහ ජීවන වියදම හමුවේ සිය ඉතුරුම් අඩුවී ඇති බවයි.

මේ අතර පවතින ආර්ථික වාතාවරණය හමුවේ මූල්‍ය උපදෙස් ලබාගන්නා පිරිසද අඩුවී තිබෙනවා.
ඒ සඳහා අතිවිශාල මුදලක් වැය වන බවට ඔස්ට්‍රේලියානුවන් විසින් විශ්වාස කිරීමයි ඊට හේතුව වන්නේ.
