NSW මුද්දර බදු සහන යෝජනාව අද ප්‍රාන්ත සභාවට

නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉඩම් බද්ද අහෝසි කර මුද්දර බදු සහනය ලබාදීමේ යෝජනාව අද ප්‍රාන්ත සභාවට ඉදිරිපත් කෙරෙනවා.

ඒ අනුව මුද්දර බදු ගෙවීමට අදාළ නොවන නිවාස වටිනාකම ඩොලර් 650,000 සිට ඩොලර් ලක්ෂ 08 දක්වා ඉහළ නැංවීමට නියමිතයි.

එමෙන්ම මුද්දර බදු සහනයක් හිමිවන නිවාස වටිනාකම ඩොලර් 800,000 සිට ඩොලර් මිලියනය දක්වා වැඩි කිරිමට අදාළ යෝජනාවද අද ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති.

පසුගිය වසරේදී එවක පැවති ලිබරල් සන්ධාන රජය විසින් යෝජනාවක් සම්මත කරගනු ලැබුවේ ඩොලර් මිලියන 1.5 ක උපරිමයකට යටත්වන දේපළ වටිනාකම් සඳහා මුද්දර බදු ගෙවීම හෝ වාර්ෂික ඉඩම් බද්ද ගෙවීම යන දෙකින් එකක් තෝරා ගත හැකි බවටයි.

ඒ යටතේ දේපළ 5,000 ක් පමණ ඉඩම් බද්ද ගෙවීම තෝරාගෙන තිබු අතර 8,000 ක් පමණ මුද්දර බදු ගෙවීමට කැමැත්ත පළකර තිබුණා.

අද ඉදිරිපත් කෙරෙන නව යෝජනාව බලාත්මක වනු ඇත්තේ ලබන ජූලි පළමුවනදා සිටයි.

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »