වික්ටෝරියා ප්‍රාන්ත අයවැය අද

ඉදිරි මූල්‍ය වර්ෂය සඳහා වික්ටෝරියා ප්‍රාන්ත රජයේ අයවැය ලේඛනය අද ප්‍රාන්ත රජයට ඉදිරිපත් කෙරෙනවා.

සෞඛ්‍යය – අධ්‍යාපනය – මාර්ග නඩත්තු වැනි ක්ෂේත්‍ර සඳහා මෙවර අයවැයෙන් වැඩි මුදලක් වෙන් කිරීමට නියමිතයි.

කොවිඩ් සමයේ ලබාගත් ඩොලර් බිලියන 31.5 ක ණය ආපසු ගෙවීම පිළිබඳ සවිස්තර තොරතුරු ද ඊට ඇතුළත් වෙනු ඇති.

අගමැති ඩැනියල් ඇන්ඩෲස් චෝදනා කර තිබුණේ මාස 12 ක් තුළ අවස්ථා 11 කදී පොළී අනුපාතික අගයන් ඉහළ නැංවීම හමුවේ මෙතරම් දැවැන්ත ණයක් එකතුවී ඇති බවයි.

කෙසේවෙතත් ප්‍රාන්ත විපක්ෂය මෙන්ම ආර්ථික විද්වතුන් අවධාරණය කරන්නේ ලේබර් රජයේ අසාර්ථක මූල්‍ය පාලනය හමුවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ආර්ථිකය කඩා වැටී ඇති බවයි.

වසරේ අවසාන සංචිත බැංකු මණ්ඩල හමුව අද – Cash rate අගයෙහි වෙනසක් නොවන ළකුණු

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ව්‍යාපාරවලින් සියයට 61 ක් පසුගිය උත්සව සමයේ ලැබූ වෙළදාමට සාපේක්ෂව සියයට 11 කින් පහත වැටි ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු පවුල් ඒකක වලින් 79% ක් දැඩී මුල්‍ය ආතතියට

අධික ජීවන වියදම හමුවේ ඔස්ට්‍රේලියානු ගෘහස්ත පවුල් ඒකක වලින් සියයට 79ක් දැඩී මුල්‍යමය ආතතියකට පත්ව ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

උත්සව සමයට සමගාමීව ඔස්ට්‍රේලියානුවන් සයිබර් අපරාධවලට ගොදුරුවීමේ ඉහළයාමක්

උත්සව සමයට සමගාමීව අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නා සෑම ඔස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් දෙදෙනෙක් සයිබර් අපරාධ වලට ගොදුරුවන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුවක්

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් යුතුව මෙම තේරීම් කමිටුව පත්කරන බවය.

Read More »