නවසීලන්තයේ සිට මෙල්බර්න් දක්වා ගුවන් ගමන් ආරම්භය ලබන සඳුදා සිට​

නවසීලන්තයේ සිට මෙල්බර්න් දක්වා ගුවන් ගමන් ආරම්භය ලබන සඳුදා සිට​!

Flights from New Zealand to Melbourne allowed from Monday as Victoria joins travel bubble!

නවසීලන්තයේ සංචාරකයින්ට සඳුදා(9/11) සිට නිරෝධායනයකින් තොරව මෙල්බර්න් වෙත කෙලින්ම පියාසර කිරීමට හැකි වනු ඇත. මේ වන විටත් අනෙකුත් ප්‍රාන්ත තුලට නවසීලන්ත වැසියන් හට ඒමට​ අවශ්‍ය කටයුතු සැලසීමට​ රජය පියවර ගෙන තිබේ.

අද(6/11)​ වික්ටෝරියා ප්‍රාන්තයේ අඛණ්ඩව නව කොරෝනා ආසාදිතයින් වාර්තා නොවූ හත්වන දිනය යි. කලාපීය වික්ටෝරියා සහ මෙල්බර්න් දේශ සීමාව ඉවත් කිරීම ඇතුළුව සීමාවන් ගණනාවක් එළඹෙන​ ඉරිදා(8/11) ලිහිල් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදී ​ වික්ටෝරියා අග්‍රාමාත්‍ය Daniel Andrews කියා සිටියේ නවසීලන්තයේ සිට මෙල්බර්න් දක්වා ගුවන් ගමන් සඳුදා සිට නැවත ආරම්භ කිරීම ගැන රජය සතුටු වන බවයි.

නවසීලන්ත සංචාරකයින් සඳහා නිරෝධායන අවශ්‍යතාවයක් නොමැති බවත් සංචාරකයින්ට වික්ටෝරියා ප්‍රාන්තයේ ගමන් කිරීමට නිදහස ඇති බවත් Andrews තහවුරු කළේය.

එනමුත් ඕස්ට්‍රේලියාවේ සිට නවසීලන්තය දක්වා නිරෝධායන රහිතව ගමන් කිරීමට තවමත් අවසර නැත. එහිදී රජය කියා සිටියේ තම දේශසීමා නැවත විවෘත කරන්නේ ආරක්ෂිත යැයි විනිශ්චය කිරීමෙන් පසුව පමණක් බවයි.

(ABCNews)

Today’s Top Stories 2024.04.25

ඇන්සාක් ඩේ සැමරුමට දහස් ගණනක් එක්වෙයි – පෙළපාලිවලට ශ්‍රී ලංකාවේ හිටපු ත්‍රිවිධ හමුදා සාමාජිකයින් රැසක් ඔස්ට්‍රේලියාවේ Post Study Visa ලබා ගැනීමට හැකි වයස් සීමාව අඩු කරයි පර්ත් ආසන්න මුහුදේ දිය නාන අයට අනතුරු ඇඟවීමක් ඔස්ට්‍රේලියාවේ වැඩි වශයෙන් භාවිත කෙරෙන භාෂා නම් කෙරේ වික්ටෝරියා කාන්තාවන්ගෙන් ෆෙඩරල් රජයට ඉල්ලීමක්

Read More »

උපුල් ශාන්ත සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල ඇප මත නිදහස් කර තිබෙනවා.

Read More »

TikTok තහනම් කෙරෙන පනතට ඇමරිකා ජනපති අත්සන් තබයි

ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලය අමෙරිකාව තුළ තහනම් කිරීමට අදාළ යෝජනාවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read More »