ඔස්ට්‍රේලියාවේ ඉදි කිරීම් සේවක වැටුප වසරකදී 10.2% කින් ඉහළට

ඔස්ට්‍රේලියාවේ ඉදි කිරීම් කර්මාන්තයට සම්බන්ධ සේවකයන්ගේ වැටුප පසුගිය වසර තුළදී සියයට 10.2 කින් ඉහළගොස් ඇතැයි අනාවරණ වනවා.

නිවාස කර්මාන්ත සම්මේලනය නිකුත් කල වාර්තාවක දැක්වෙන්නේ පසුගිය ජූනි මාසය වනවිය ඔස්ට්‍රේලියාව පුරා නිවාස 104,000 ක් පමණ ඉදි කෙරෙමින් පැවති බවයි.

එය කොවිඩ් වසංගතයට පෙර පැවති තත්වය හා සැසඳීමේදී සියයට 81.2 ක ඉහළ යාමක්.

කෙසේවෙතත් ඔස්ට්‍රේලියාවේ සේවක හිගය වැඩිම ක්ෂේත්‍ර අතුරින් එකක් ලෙසටද ඉදිකිරීම් කර්මාන්තය හඳුනාගෙන තිබෙනවා.

නිවාස කර්මාන්ත සම්මේලනයට අනුව වැඩිම අවශ්‍යතාවයක් පවතින වෘත්තීන් බවට පත්වි ඇත්තේ ගඩොල් අල්ලන්නන් සහ වඩු කර්මාන්තයේ නිරතවන්නන් සඳහායි.

පුරප්පාඩු සඳහා විදේශයන්හි සිට ඉල්ලුම්පත් ලැබීම ඉහළ ගොස් ඇති බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

නාසා ආයතනයේ අඟහරු මෙහෙයුමට ශ්‍රී ලාංකික තරුණියක්

අඟහරු ලෝකයේ වාසස්ථානයක් අනුකරණය කරමින් අමෙරිකාවේ හූස්ටන්හි ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිදුකෙරෙන මෙහෙයුමකට නාසා (NASA) ආයතනය ශ්‍රී ලාංකිකයකු ද තෝරාගෙන තිබෙනවා.

Read More »