Search

ඔස්ට්‍රේලියාවට ගෙන ඒම තහනම් ආහාර ටොන් 38 ක් සිඩ්නි ගබඩාවක

ඔස්ට්‍රේලියාවට ගෙන ඒම තහනම් කර ඇති ආහාර සහ සත්ව කොටස් ටොන් 38 ක් සිඩ්නි නගරයේ ගබඩාවක තිබී සොයාගෙන තිබෙනවා.

එය ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ විශාලතම ජෛව ආරක්ෂණ මෙහෙයුම් අතුරින් එකක් බවටයි හඳුනාගෙන ඇත්තේ.

කුමන රටක සිට මෙම තහනම් ද්‍රව්‍ය පැමිණ ඇති දැයි මේ දක්වා අනාවරණය කර නැහැ.

කිසියම් ආකාරයකින් මීට සම්බන්ධ සැකකරුවන් හඳුනාගත හොත් ඔවුන්ට අතිවිශාල දඩයක් මෙන්ම වසර 10 ක උපරිමයකට යටත්වන සිර දඩුවමක්ද නියම වනු ඇති.

ඔස්ට්‍රේලියාව සැළකෙන්නේ ජෛව ආරක්ෂණ නීති සම්බන්ධයෙන් ඉහළම පියවර අනුගමනය කෙරෙන රටක් ලෙසයි.

ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ඡායාරූපයක් පළමුවරට නිකුත් කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසු ඔහුගේ පළමු ඡායාරූපය වතිකානුව විසින් නිකුත්කර තිබෙනවා.

Read More »