ක්වීන්ස්ලන්ඩ් රියදුරු බලපත්‍රය අලුත් කිරීමේදී අලුත් විභාගයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ රියදුරු බලපත්‍රය අලුත් කිරීමේදී නව රෙගුලාසි මාලාවක් පණවා තිබෙනවා.

ඒ අනුව මෑතකදී සිදුකල මාර්ග නීතිවල වෙනස්කම් සම්බන්ධයෙන් ඔන්ලයින් පාඨමාලාවකට සහභාගීවී ප්‍රශ්නාවලියකට මුහුණදීම අනිවාර්ය වනු ඇති.

පැයට කිලෝමීටර් 40 ක වේගය ඉක්මවා ධාවනය කරන රියදුරන්ගේ රියදුරු බලපත්‍රය වහාම අත්හිටුවීමද නව රීතිවලට ඇතුළත්.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ මහාමාර්ගවලදී සිදුවූ මාරක රිය අනතුරුවලදී ගිය වසරේදී පුද්ගලයන් 299 දෙනෙකු මරණයට පත්වුණා.

එය සැළකෙන්නේ 2009 වසරෙන් පසු තනි වසරකදී ක්වීන්ස්ලන්ඩ් හි සිදුවූ වැඩිම මාරක රිය අනතුරු සංඛ්‍යාව ලෙසයි.

මගියෙකු මිය යාම ගැන සිංගප්පූරු ගුවන් සේවය සමාව ඉල්ලයි

ලන්ඩනයේ සිට සිංගප්පූරුව බලා පියාසර කරමින් තිබූ ගුවන්යානයක් ගුවනේදී අනතුරට ලක්වී පුද්ගලයෙකු මියයෑම සම්බම්ධයෙන් සිංගප්පූරු ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී Goh Choon Phong විසින් ප්‍රසිද්ධියේ සමාව අයැද තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ ගොවිපළකින් කුරුළු උණ හඳුනා ගැනේ

සිදු කළ මූලික පරීක්ෂණවලින් මෙම තොරතුරු හෙළි වූ අතර වැඩිදුර පරීක්ෂණ සඳහා සත්ව සාම්පල ජිලොන්ග් හි පිහිටි ඔස්ට්‍රේලියා රෝග  අවදානම් පරීක්ෂණ මධ්‍යස්ථානය වෙත යොමු කර ඇතැයි සඳහන්.

Read More »

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »